Mr. Hazel Eyes – 3 කොටස

13
0

3 කොටස
එතකොටම එතනට ආවේ සිතුලි අක්කා.. ඒ තමයි අපේ තාත්තගෙ හොඳම යාළුවා Dr. වීරසූරියගෙ දුව.. ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල නිසා පොඩි කාලෙ ඉඳන්ම සිතූ අක්කයි මායි එකතුයි..
” අම්මෝ කෙල්ල දැක්ක කල්… දැන් මොකද කරන්නෙ … ? “
” ඒලෙවල් ලියල ගෙදර ඉන්නෙ අක්කා.. ඒ අතරෙ ඔන්ලයින් කෝස් එකක් ෆලොව් කරනව.. අක්කා මොකද කරන්නෙ … “
” තව මාස දෙකකින් මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් නංගා.. ඊට පස්සෙ මං ඔසී යනවා.. “
අපි දෙන්නා කතා කර කර ඉඳල ෆොටෝ එකක් ගමු කියල ගාඩ්න් එකට ආවා .. දන්නැද්ද ඉතිම් කෙල්ලොනෙ .. 😁
ෆොටෝ ගගහ ඉන්න අතරෙ අදත් මං එයාව දැක්කා.. හ්ම්ම්… Mr. Hazel Eyes .. ඇත්තටම මේ කොල්ලා කොහෙන් මතුවෙනවද මන්දා හොල්මනක් වගේ..😕
” අඩේ හොල්මනක්ද දන්නෑ… 🙄 “
” හොල්මන් කියල දෙයක් නෑ පුතා ඒ හෙලවෙන මනස.. 😏 “
” ඒ කියන්නෙ මගෙ මනස හෙල්ලෙනවද බම්.. හත්තික්කේ… 🥲 “
” වහප් කට.. 😑 ” ඒ මගෙ හිතයි මොළෙයි සැක්.. 😒
එකපාරටම කවුරුහරි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක වැහුවා.. කවුද කියල හිතාගන්න නම් මට බැරි වුණා …
” කවුද මේ.. අතාරින්නකෝ… අනේ සිතූ අක්කේ…  “
” අඳුරගන්න බෑද ඉතිම් .. හ්ම් හ්ම්.. කෝමත් දැන් අපිව මතක නෑනේ …😟 “
” අනේ නදුන් අයියා … 😁 “
නදුන් අයියා කියන්නෙ මගෙ කසින් කෙනෙක්.. පොඩි කාලෙ ඉඳන් සහෝදර සහෝදරියො නැති මට අයියෙක් උනේ එයා.. ඒත් කොහෙද මේ මෝඩයා රට ගියානෙ.. 😒
” එනවා කියල කිව්වෙත් නෑ හරි නරකයි… “
” කිව්වම සර්ප්‍රයිස් එකක් තියෙද බං.. 😉 “
” හාකො හාකො ඒව වැඩක් නෑ මොනවද මට ගෙනාවෙ.. 😁 “
” අනේ බං ගෙදර ගියාම දෙන්නම් 🤦 දැන් යමන් ඇතුළට දෙන්නම.. “
කියල අයියා මගේ අතින් අල්ලගත්තා.. යන ගමන් මං බැලුවෙ Mr. Hazel Eyes හිටපු පැත්ත .. ඈතට වුනත් මට හොඳටම පෙනුනා එයාට හොඳටම තරහ ගිහින් ඉන්නෙ කියල … වෙනදා හරි ලස්සනට තියෙන ඇස් අද බලන්නත් බයයි වගේ..
ඇයි එයාට තරහ ගියේ … නදුන් අයියා මගේ අතින් අල්ලගත්තු නිසාද .. ඒත් ඇයි …එයා මට ආදරෙයිද.. ආදරෙයි නම් ඇයි වචනයක්වත් කතා කරන්නෙ නැත්තෙ.. මට පිස්සු හදවල තමයි නවතින්නෙ..😐
ඊළඟ දවසෙ උදේම නදුන් අයියා අපේ ගෙදර ආවා .. චොකලට්ස්,ටොෆීස් ගොඩක් ගෙනත් තිබ්බා එයා.. 🤗 රටේ නැති ඒව කියව කියව ඉඳල අපි දෙන්නා හවස් වෙලා Rio ගිහින් අයිස්ක්‍රීම් කෑවා…
එළියට ඇවිත් කාර් එක ළඟට යනගමන් මං දැක්කේ ආයෙමත් තරහ ගිය ඇස්වලින් බලන් ඉන්න එයාව.. 🥺 එතන තිබ්බ ගහටත් පයින් ගහපු එයා හැරිලා යන්න ගියා.. දවසෙම තිබ්බ සතුට දියවෙලා ගියා වගේ.. මගේ හිතට හරි නෑ එයා ඒ හැසිරුණු විදිය මතක් වෙද්දි..😟
ගෙදර ඇවිත් වොශ් එකක් දාන් අම්මා එක්ක කතා කර කර ඉඳල රෑටත් කාලා මං නිදාගන්න ගියා.. ඒත් නින්ද අහලකවත් නෑ.. එයාවමයි මතක් වෙන්නෙ.. ඒ පැත්ත මේ පැත්ත හැරි හැරි ඉඳල කොහොමහරි නින්ද ගියා..
ඊළඟ දවසෙ උදේ මං ලෑස්ති වෙලා ලයිබ්‍රි එකට ගියා.. ඕනෙ කරන පොත් ටිකත් අරන් එළියට එද්දි..
” එයා ඉන්නවා … මන්දාරම් කතාවේ… 🤩 “
නෑ නෑ බං Mr. Hazel Eyes නෙවෙයි බොම්බයි මොටයි කරත්තයක් සෑ වෑව්.. 😋 පාර පනින්න යද්දිම කාර් එකක් සෑහෙන්න වේගෙන් මේ පැත්තට එනවත් එක්කම කවුරුහරි මගේ අතින් ඇදල ගත්තා .. අතින් ඇද්ද වේගෙට තව ටිකෙන් අතට පාට්ස් හොයන්න පංචිකාවත්තටම යන්න වෙනො.. 🥲 ඒ කෙනා ළඟින් ආවෙ හරිම rare perfume සුවඳක්… දැන් ඉතිම් අහන්නෙපා ඇයි හැම එකාගෙම පර්ෆියුම් එක ඉඹ ඉඹ ගියාද කියල 😒 ඒක මට හිතුණු දෙයක්.. ඒත් එක්කම මං ඇස් උස්සල බැලුවෙ කවුද මාව බේරගත්තෙ කියල …
දෙයියනෙ දෙයියනේ මගේ Mr. Hazel Eyes ..අද තමයි මෙච්චර ළඟට දැක්කෙ… ඒ ඇස් නම් වශියක් වගේ.. 🥺 එයාගෙ ඇස් දිහා බලාගෙනම මං එයාට කතා කරන්නයි හැදුවෙ..
” ඔයා…..”
එච්චරයි කියන්න හම්බුනේ මේන් මේ මනුස්සයා යන්න ගියා.. පුදුම මනුස්සයෙක් තමයි … 😒 මං එහෙම්ම එයාට යන්න නොදී අතින් අල්ලගත්තා… මොකද තවත් මට මේ විදියට ඈතින් බලන් ඉන්න බැරි නිසා … ඒත් එක්කම කාර් එකක් කන අස්සෙම හෝන් කළා.. ඒක දිහා බලපු ගමන් මගේ අත ඉබේම අතෑරුනා.. ආයෙත් බලද්දි හේසල් ඇස් අතුරුදන් …🥲 ඒත් එක්කම කාර් එකෙන් බැහැල ආවේ…
______________________________________
අද ආවෙ කවුරු වෙන්න පුලුවන්ද …?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *