Mr. Hazel Eyes – 4 කොටස

11
0

4 කොටස
————————————————-
කාර් එකෙන් බැහැල ආවෙ නදුන් අයියා..
” කවුද සුදූ ඒ.. “
” මං..මේ..මං දන්නෑ අයියේ.. කාර් එකක් වේගෙන් ආවා එයා තමයි මාව බේරගත්තෙ..”
” මයි ගෝඩ් ඔයාට කරදරයක් නෑ නේද.. සිහිකල්පනාවෙන් ඉන්න එපැයි ළමයො.. “
” නෑ නෑ අයියා ප්‍රශ්නයක් නෑ..”
” හැබැයි මං නම් දැක්කෙ උබ උගේ අතින් අල්ලන් ඉන්නව වගේ සීන් එකක්..😉 “
” ආ මේ නෑ නෑ මං තෑන්ක්ස් කරන්නත් කලින් එයා යන්න හැදුවා ඒකයි ඒ…”
” දැනට මං පිළිගන්නම්කො ඈ..😏 ”
” අනේ මේ 😒 ඒවා වැඩක් නෑ අරෙන් එකක් අරන් දෙන්නකො..😁 ”
” මොනවද … 😐 “
” අර තියෙන්නෙ පාර එහා පැත්තෙ දිළිසි දිළිසි.. 😁”
” ආ දැන් මට හිතාගන්න පුලුවන් වෙච්ච දේ 😂 බොම්බයිමොටයි දැක්ක ගමන් අස්සකුලප්පුව හැදිල දුවන්න යන්න ඇති.. 😂 යං යං අරන් දෙන්නම් …”
මාව ගේ ළඟින් දාලා නදුන් අයියා ගියේ එයාට මොකක්ද වැඩක් තියෙනව කියල .. මාත් ගිහින් වොශ් එකක් දාන් තේ එකකුත් හදන් ටීවි එක දැම්මෙ කාටුන් එකක්වත් බලන්න කියල.. ඒත් ටීවි එක දාපු ගමන් ගිය නිව්ස් එක දැකල මගේ අතේ තිබ්බ මග් එකත් බිමට වැටුනා..
” විශ්වවිද්‍යාල අවසන් වසරේ ඉගෙනුම ලබන සිතුලි නිවර්තනා වීරසූරිය නම් 24 හැවිරිදි තරුණියක් අද දින අමානුෂික ලෙස ඝාතනය කර නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට දමා ගොස් ඇත.. අධිකරණ වෛද්‍යතුමන් පවසා සිටියෙ මෙය තරමක් අසාමාන්‍ය මිනීමැරුමක් බවත්……………..”
එතනින් එහාට කියපු කිසිම දෙයක් මට ඇහුනෙ නෑ..දෙයියනේ එයා මට මගෙ අක්කා වගේ… 🥺 මාව ශොක් වෙලා වගේ හිටියෙ… ෆෝන් එකට ආපු කෝල් එකෙ සද්දෙට තමයි මං පියවි සිහියට ආවෙ…කෝල් එක අම්මගෙන්..
” අනේ අම්මා සිතූ අක්කා… 😥 “
” අඬන්නෙපා දෝණි.. ජනෙල් දොරවල් සේරම වහන් ඉන්න මං ඉක්මනට එනව හරිද.. “
” හරි අම්මා … ”
අම්මා එනකම්ම අඬ අඬ හිටපු මං අම්මා ආවට පස්සෙ අම්මට තුරුල් වෙලාම හිටියා.. 🥺
ඊට දවසකට පස්සෙ සීල් කරකරපු මිනීපෙට්ටිය වීරසූරිය අන්කල්ගෙ ගෙදරට ගෙනත් තිබ්බා.. හ්ම්ම්..බලන්න බැරි තරම් වද දීලලු මරල තියෙන්නෙ..අපිත් එක්ක නාද්‍යාත් ආවා මළගෙදර.. වීරසූරිය අන්කලුයි ආන්ටියි සිතූ අක්කගෙ අයියයි හැමෝම හොඳටම අඬනවා.. එයාලා කොහොම දරාගන්නද මෙහෙම දෙයක් ..
අම්මයි තාත්තයි අන්කලුයි ආන්ටියි ළඟ ඉන්න අතරෙ නාද්‍යයි මායි එළියට ඇවිත් වාඩිවුනා.. මොකද අපි දෙන්නට තවත් බලන් ඉන්න තරම් හයියක් තිබුණෙ නෑ.. එතන එහා පැත්තෙ අය කතා කර කර හිටියෙ සිතූ අක්කා ගැන…අනුන්ගෙ කතා අහන් ඉන්න එක හොඳ නැති වුනත් අපි දෙන්නට ඇහුන දේවල් එක්ක අපි දෙන්නා එහෙම්ම අහන් හිටියා..
” හිතාගන්න බෑ නේද මේක ගැන..”
” ඔව් Mr.අරුන් මේක ගොඩක් සීරියස් කේස් එකක්..”
” එතකොට ඔෆිසර් මේක කරපු කෙනාව අල්ලගන්න පුලුවන් වෙයිද..”
” අනිවාර්යයෙන්ම අපි උපරිම උත්සාහ කරනවා..”
” මොනව කරලද මරල තියෙන්නෙ… රේප් කරලද..”
” ඇත්තටම මේ ගර්ල්ගෙ බොඩි එක ගැන බැලුවෙ Dr.කලුආරච්චි..ඩොක්ටර්ත් සෑහෙන්න sensitive උනා මේ කේස් එකෙදි.. ගොඩක් වද දීලයි මරල තියෙන්නෙ.. අපි ගෙස් කරන්නෙ මේක කරල තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියල.. ඒ වගෙ අය රේප් කරල මරනව අඩුයි.. එයාල පුලුවන් තරම් කරන්නෙ වද දෙන එක.. ”
” එතකොට මොනවද කරල තියෙන්නෙ …”
” Mr. අරුන් ඔයාලට මේක අහන් ඉන්න පුලුවන් වෙයි කියල ශුවර්ද..”
මායි නාද්‍යයි මූණට මූණ බැලුවෙ එච්චරටම මොනවද වෙලා තියෙන්නෙ කියන කුතුහලේට..
” Its ok ඔෆිසර් කියන්නකො.. “
” ඔයාල අහන නිසාම මං කියන්නම් එහෙනම්.. මෙහෙමයි මුලින්ම සිහියෙන් ඉද්දිම කිසිම නිර්වින්දනයක් නැතුව දත් ඔක්කොම ගලවල වීදුරු කෑලි වගයක් ගිල්ලල තියෙනව.. පස්සෙ අත් දෙකෙයි කකුල් දෙකෙයි ඇඟිලි විස්සෙම නියපොතු ගලවල තියෙනව..මූණට කෙමිකල් පව්ඩර් එකක් ඉහල තියෙනවා.. ඒක ගොඩක් බයානක එකක්..ඒකෙන් මූණෙ මස් දියවෙලා විකෘති වෙනවා.. කකුල් වලට උණුවතුර හලල අවසානෙදි හාර්ට් එක ගලවල එළියට අරන් තියෙනව.. හාර්ට් එක නැතුව තමයි බොඩි එක දාල තියෙන්න.. මේ නිසා තමයි අපි ගෙස් කරන්නෙ මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියල ..”
කියල ඉවර වෙනවත් එක්කම වටේම කළුවර වීගෙන එනව දැනුනා.. සිහිය එනකොට මං හිටියෙ ගෙදර .. අම්මයි තාත්තයි නාද්‍යයි තුන්දෙනාම හිටියා..
” දෝණි are you ok ? “
මං ඔලුව වනල කල්පනා කරද්දි තමයි අර ඔෆිසර් කියපුව මතක් උනේ.. මතක් වෙද්දිත් මගෙ ඇඟම හිරිවැටිල ගියා..අනේ මගෙ අක්කට කොච්චර රිදෙන්න ඇතිද..🥺
මේ ටිකේම අම්මා මගේ ළඟින්ම හිටියා.. එයාල මට තනියෙන් කොහෙවත් යන්න දුන්නෙත් නෑ.. දවස් දෙක තුනක් සාමකාමීව ගෙවිල ගියා.. ඒ අතරෙ මට මතක් උනේ මේ වෙච්ච දේවල් එක්ක මට Mr. Hazel Eyes වත් මේ ටිකේ මගෑරුණා නේද කියල.. කොහෙද ඉතිම් නමක්වත් දන්න එකක්ද සෝශල් මීඩියා එහෙකවත් බලන්න ..😒
කාලෙකින් ලයිබ්‍රි යන්නත් බැරි උන නිසා මං ඩ්‍රයිවර් අන්කල් එක්ක ලයිබ්‍රි එකට ආවා.. ඇත්තම කිව්වොත් පොත් ගන්න තියෙන ඕනෙකමට වඩා මට උමනාව තිබ්බෙ එයාව බලන්න..😁 ඔලුවට අව්ව මේ ප්‍රෙශර් එක ටිකක් අඩුකරගන්නයි මට ඕනෙ උනෙ.. පොත් අරන් එළියට එද්දි අනේ එයා ඉන්නවා.. 🥺 දුවල දුවල එයා ළඟට යන්න හිතෙනව.. ඒත් කොහොමද..එදත් ළඟටම ඇවිත් යන්න ගියා..මොනා කරන්නද එයා දිහා බලල මාත් ගෙදර ආවා..
අද නාද්‍යා අපේ ගෙදර ආවා..😁 අපි දෙන්නා බීම එකකුත් හදන් ආවා ගාඩ්න් එකට..
” සිතූ අක්කා පව් නේද බං..”
” මොනා කරන්නද බං..ඒත් බං ඔහොමත් මිනිස්සු මරනවද මං අහන්නෙ..”
” ඒක තමයි හිතාගන්න බැරි.. මතක් වෙද්දිත් වෙව්ලනව..🥺 “
” අක්කගෙ තරහකාරයෙක්ද දන්නෑ..”
” අර අහිංසක කෙල්ලට තරහකාරයො ඉන්නව කියල හිතන්න පුලුවන්ද බං.. හරි ලස්සනට ජීවත් උන පවුලක් බං.. “
” ඒත් අපි දන්නෑනෙ බං..”
” හ්ම්ම්..”
” ඒක නෙවෙයි උබෙ අර ඇස් කුමාරයා මොකද දැන්.. 😝 “
” eww ඇස් කුමාරයා නෙවෙයි අනේ Mr. Hazel Eyes හුම්.. 😌 “
” අම්මෝ අම්මෝ ඒක.. 😂 “
කතා කර කර ඉඳල නාද්‍යා ගෙදර ගියා.. කාලයත් වේගෙන් ගෙවුනා.. සිතූ අක්කා නැති වෙලා අදට හරියටම සතියක්.. 😓
අද අම්මත් ගෙදර.. මං ඉතිම් අම්මත් එක්ක කෝලම් කර කර ඉඳල කාමරේට ගියේ පොතක් කියවන්න.. ටිකක් වෙලා යද්දි අම්මා කලබලෙන් වගේ කතා කරා…
__________________________________________
අද කොටස ගැන මොකද හිතෙන්නෙ…🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *