Mr. Hazel Eyes – 1 කොටස

16
0

1 කොටස
—————————————-
වෙලාව පාන්දර 2 යි . ගැස්සිලා ඇහැරුණේ හීනෙන් පෙනුන ඒ ඇස් දෙක දැකලා..
” දෙයියනේ දෙයියනේ … දැන් මට ඒ ඇස් දෙක හීනෙනුත් පේන්න අරන් … 🥲 ”
ආයෙ ඉතිම් නින්ද අහලකවත් නැති නිසා බයෝ පොත අතට ගත්තෙ පාඩම් කරන්න . කියන්න සන්තෝසයි පිටු තුනයි බැලුවෙ එහෙම්ම නින්ද ගියා . 😐 ( දන්නෝ දනිති 🥲😂 )
” නැගිටින්න දෝණි … ක්ලාස් යන්න ඕනෙ නේද .. ”
” හ්ම්ම්..ම්ම්ම්.. තව චුට්ටක් 🥱 ”
” කෝ කෝ නැගිටින්න ඔයාටමයි ලේට් වෙන්නෙ … ”
” අහ් Good Morning අම්මා … 😚 ”
” Good Morning මගෙ පැටියෝ ❤️ ඉක්මනට ලෑස්ති වෙලා බ්‍රෙක්ෆස්ට් අරන් ඩ්‍රයිවර් අන්කල් එක්ක ක්ලාස් එකට යන්න හරිද ? ඇරෙන වෙලාවටත් ඩ්‍රයිවර් අන්කල ඇවිත් ඉඳීවි . මං දැන් යනවා පරිස්සමෙන් ඉන්න පැටියෝ… ”
” හරි අම්මා ඔයත් පරිස්සමින් …”
මම ආන්‍යා .. මේ අවුරුද්දේ Al.. ලංකාවේ ඉන්න බෙස්ට්ම surgery doctors ලා දෙන්නෙක්ගෙ එකම දුව …
ඒ ඇස් දෙක ඇත්තටම දැකගන්න තිබ්බ ආසාවට ඉක්මනට ලෑස්ති වෙලා මං ආවෙ ක්ලාස් එකට ..හ්ම්ම්…අදත් ඒ ලස්සන ඇස්වල අයිතිකාරයා එතනම ඉන්නවා… ක්ලාස් එක එහා පැත්තෙ තියෙන ලොකු ගහ යට එයා හැමදාම ඉන්නවා …දැන් මාස 4ක් තිස්සෙ එයා මං දිහා බලන් ඉන්නවා .. එයා කවුද කියන්න මං දන්නෑ … අඩුම එයා මා එක්ක කතා කරන්නවත් ට්‍රයි කරල නෑ … හැමදාම මං දිහා බලන් ඉඳල යනවා..එයාගෙ ඇස් අස්සෙ ගිලිල හිටිය මං ගැස්සිඅල ගියේ අතට වැදුනු සැර පාරකින් ..
” මොන ලෝකෙද යකෝ ඉන්නෙ 😑 කීයෙ ඉඳන්ද කතා කරන්නෙ ”
” හී හී සොරි සුදූ 😁 ”
” තියාගනිම් උබේ හොරිය 😑 යමන් දැන් ක්ලාස් එකට ”
ඒ තමයි මට ඉන්න හොඳම යාලුවා නාද්‍යා .. දෙන්නත් එක්කම ක්ලාස් එකට යනගමන් නිකමට එයා හිටපු පැත්ත බැලුවා .. ඒත් එයා හිටියෙ නෑ 🙂 ක්ලාස් එකට ගිහිල්ලත් සර් එන්න තව වෙලාව තියෙන නිසා මං එයා ගැන හිත හිත හිටියා … කොල්ලෙක්ට ගැළපෙන height එක .. තලෙලු හම … එයා හරිම handsome ..
” මොනවද බම් මේ උබ හිතන්නෙ සැක් 😒 “ඒ මගෙ හිත 🥲
මොක උනත් මේ හැමදේටම වඩා එයාගෙ ඇස් නම් පිස්සුවක් 🥺 hazel පාට ඇස් .. හැමදාම මාස්ක් එකක් දාල ඉන්න නිසා එයාගෙ ඇස් තවත් හොඳට කැපිල පෙනුනා.. ඒ ඇස්වල අමුතුම දෙයක් ලියවිල තියෙනව කියලයි මට නම් හිතුනෙ.. ඒත් ඒ මොකක්ද කියල තේරුම් ගන්න නම් මට අමාරුයි …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *