Never Forget.. Episode 01

21
0

Never Forget..

Episode 01

” සනු….සනු….ඔහොම ඉන්න…ඈතට යන්න එපා…”

” අනේ නිමෙත්…චුට්ටක්….මට ආසයි…”

“සනූ…කියන දේ අහන්න රැල්ල ගොඩක් සැරයි පේනවනේ…”

” අනේ….”

” සනූ…යන්න එපා…සනූ…..”

” ආහ්…..නිමේත්….අනේ….මාව බේරගන්න…”

” සනූ…සනූ….”

” අම්මා…”

අදත් ඒ හීනේම හැමදාම එකම වෙලාවකට මට ඒ හීනේ පේනවා. ම්ම් වෙලාව බලන්න ඕනේ නැහැ මොකද දැන් වෙලාව කීයද කියලා මන් දන්නවා. මොකද හැමදාම මට ඒ හීනේ පේන්නේ ඒ වෙලාවට හරියටම රෑ එකොළහයි පනස් අටට.

මන්වත් නොදන්න ඒ හීනේ මට පේන්න අරන් දැන් මාසයක් විතර වෙනවා. ඒ දවසේ ඉදන් අද වෙනකම් අමතක නොවී මට ඒක පේනවා..සනූ..එතකොට නිමෙත් මොකක්ද ඒ දෙන්නා එක්ක මගේ ජීවීතේට තියෙන සම්බන්ධෙ කියන්න මන්වත් දන්නේ නැහැ..මට අද වෙනතුරු එකම දවසකවත් ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ගෙවත් මූන පෙනිලා නැහැ..හැබැයි මට ඒ කටහඩවල් දෙක ගොඩක් හුරුයි වගේ දැනෙනවා.

හැමදාම මේ වෙලාවට කැඩෙන මගේ නින්ද දැන් මට පුරුද්දක්..ඇදෙන් නැගිටලා බැල්කනි එකේ දොරත් ඇරන් මන් බැල්කනි එකට ගියා.

හරි අමුතු දවස් මොකක්ද මේ හීනේ ඇයි මට හිතෙන්නේ මේ හීනේත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා..හහ්…මොනාද මේ හිතන්නේ සම්බන්ධයක් නැත්තන් මට දිගින් දිගටම මේ හීනෙම පෙනෙයිද..

අහස දිහා බලාගෙන කල්පනාවට වැටුනේ මේ වෙලාව කෙල්ලෙක් එළියට එන වෙලාවක් නෙවෙයි කියලත් අමතක වෙලා..එහෙම දෙයක් නැහැ හිතේ හයිය තියෙනවා නම් මොන යකාටවත් බය වෙන්න ඕනී නැහැ.

මන් ප්‍රාතී..ප්‍රාතී කිව්වට මගේ හරි නම ප්‍රාර්ථනා ඒත් ගෙදර අය මට කියන්නේ එහෙම.ම්ම් තව දෙයක් කිව්වොත් මට යාළුවෝ නැහැ. ඉන්නවා ඒ තමයි මගේ නංගී මන් හැමතැනම යන්නේ එන්නේ ඒ වගේම මට කියලා හැමදේම කියන්න ඉන්නෙත් එයා. එතකොට මගේ වයස කිව්වොත්…ම්ම්..තව විනාඩියකින් විසි දෙකයි..හිතුවා හරි මගේ බර්ත් ඩේ එක අද. අද කිව්වට තාම අද වෙලා නැහැ..

” අක්කි…..හැපි බර්ත් ඩේ……”

ඇහුන කටහඩට මන් ගැස්සිලා ගියත් බයක් නොදැනුනේ ඒ නංගී කියලා දන්න නිසා…එයා දිහාට හැරෙද්දි ඉටි පන්දම් ගහපු කේක් එකක් එයාගේ අතේ.. ලස්සනට හිනා වෙලා මන් ලගට ඇවිදන් එන්නේ මගේ ෆස්ට් බර්ත් ඩේ විශ් එකත් අරන්.

” තැන්ක් යූ සෝ මච් මයි ප්‍රින්සස්…”

” මොනාද අනේ මේ මහ රෑ ඇහැරන් කරන්නේ…අහසේ තරු දිහා බලන් මොනාද ඉල්ලුවේ…”

” හරි හරි…ඇතුලට යමුකො…”

” නෝ..නෝ අක්කී…..කැන්ඩ්ලස් බ්ලෝ අවුට්…”

” හ්ම්ම්…හ්ම්ම්…ඕකේ…”

එයාගේ ආසාව නිසා මුලින්ම ඉටිපන්දම් ටික නිවලා කේක් එක කැපුවා.

” හැපී….”

” හී….ඒක නෙවෙයි මන් අද ඔයත් එක්ක නිදාගන්න එන්නද…”

” එන්න ඉතින්…ඕක අහන්නත් ඕනීද…”

නංගිගේ කරටත් අත දාගෙන රූම් එක ඇතුලට ගිහින් බැල්කනි එකේ දොරත් වහලා නිදාගන්න ඇදට ගියා..

~

” ප්‍රාතී….දුව….නැගිටින්න….උදේ වෙලා…දෙන්නම නිදී නේද තාම…”

රූම් එකටම ඇවිත් අම්මා කතා කරද්දි නිදි මතෙන්ම නැගිට්ටා..කොහෙද මේකී එක්ක නිදාගනා පුළුවන් ද පයින්ම අනිනවා එලිවෙනකම්.

“චූටී…කෝ…නැගිටින්න…”

” ප්ලීස් අම්මී….තව චුට්ටක්…”

“නංගී…නැගිටිනවා…එළිවෙලා..”

” ඩාලීන්…ගෙට් අප්…”

” ප්ලීස්…ප්ලීස්…අම්මී……”

” චූටී දුව…මන් දැන් කිව්වා සැරයක්…අක්කිවත් නරක් කරන්නේ මේ කෙල්ල තමයි…”

” අයියෝ…ප්ලීස් අම්මී….වන් සෙකන්ඩ්…”

” නෝ….ගෙට් අප්…මන් ආයේත් කියන්නෑ…චූටී නැගිටින්න කිව්වාම…අන්න ශේන් එනවා කිව්වා තව ටිකකින්…”

දැන් නම් නැගිටියි යස අගේට ශේන් ගේ නම ඇහුනත් ඇතිනේ ඉතින් මෙයාට.

” වට් අම්මි…ශේන්…එයා කෝල් කරාද…”

” යෙස්…බී රෙඩී සූන් , හී ඊස් කමින් නව්..”

” තැන්ක් යූ..අම්මී…ඒයී මන් යනවා ඈ…”

” හරි හරි….යනවා…”

මන් කිව්වේ ශේන් කිව්වොත් මාවත් මතක නැහැ එයාට. ශේන් කියන්නේ එයාගේ බෝයී ෆ්‍රෙන්ඩ් හැබැයි ඉතින් ශේන්ව මටනම් එච්චර සෙට් නැහැ අනේ මන්දා ඉතින්..මට සෙට් නොවුනට කමක් නෑ නංගිට සෙට් නම් එච්චරයි.

මගෙත් ඔළුව අතාගාගෙන අම්මා රූම් එකෙන් එළියට ගියේ බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න කියාගෙන..අම්මටත් හිනාවක් දාලා මන් ඇදත් අස් කරලා එහෙමම බැල්කනි එකට ගියා..මන් ආසයි එතනට සමහර දවස් වලට හේතුවක් නැතුවත් මට ඉඹේටම වගේ බැල්කනි එකට යැවෙනවා.

ඇත්තම කිව්වොත් මන් එතනට ගියාම මට හරි අමුතු දේවල් හිතෙනවා සමහර වෙලාවට දේවල් මතක් වෙනවා ඒත් මට එහෙම දේවල් ගැන එච්චර මතකයක් නැහැ..

මට හිතෙනවා මන් ගත කරන්නේ අමුතු ජීවීතයක්ද කියලාත්..අම්මයි තාත්තයි මට නංගීව ඇරෙන්නෙ වෙන කෙනෙක්ව ආශ්‍රේ කරන්න දෙන්නෙත් නැහැ ඒ ඇයි කියලා අහන්න හිතුනත් මට බයයි මන් එහෙම ඇහුවොත් එයාලගේ හිත රිදෙයිද කියලා..

මට මතක ඇති දවසක ඉදන් මන් ගෙදරින් පිට ලෝකයක් දැක්කේ කලාතුරකින් මන් ගොඩක් තැන් වලට ගිහින් නැහැ…හොටෙල්ස් වලට රෙස්ටූරන්ට් වලට ඇරෙන්න මන් ගිහින් තියෙනවනම් තියෙන්නෙ පාර්ක් එකකට විතරයි..මට ආසයි බීච් එකට යන්න රැල්ල පාගන්න ඈතින් දැක්කත් මන් කවදාවත් මුහුදක් ලගට ගිහින් නෑ…හහ්…නෑ..තියෙනවා අර හීනේට පින් සිද්ද වෙන්න..ඒත් ඒ හීනේ…මතක් වෙන වාරයක් ගානේ මාව අමුතු ලෝකේකට ගෙනියනවා වගේ දැනෙනවා…

කල්පනා ලෝකේන් මිදුනේ ගේට් එකෙන් කාර් එකක් ඇතුලට එද්දි..කාර් එක කාගෙද කියන්න මට ඇස් වහන් උනත් පුළුවන්..මොකද තාත්තා ගේ කාර් එකවත් මෙච්චර මෙහෙම ගෙදරට ඇවිත් නැතුව ඇති තාත්තා දවසට දෙපාරයි එන්නේ ඒත් ශේන් නම් දවසටම හතර පාරක් වත් මෙහෙ එනවා..ඇත්තමයි ඒ කලවැද්දව මට දකිද්දිත් කේන්තියි.

මන් බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පහළට ගියා..නංගී ශේන්ගේ අතේ එල්ලීගෙන ෆෝන් එක ඔබනවා..මන් පඩිපෙල බහිනවා දැක්ක ශේන් උඩ ඉදන් පහලටම යනකම් බැලුවා. ශැක් මෙහෙමත් මිනිහෙක් මේ මිනිහගේ තියෙන කුකුල් බැල්ම තමයි මට අල්ලන්නෙම නැත්තේ.

මිනිහා ශේප් එකෙ නැගිටලා මන් එන පැත්තට ඇවිදන් ආවේ මාව දැකලා නංගිත් හිනා වෙලා ආයේ ෆෝන් එකටම මූන ඔබාගද්දි.

” ගුඩ් මෝනීම් ප්‍රාතී…ඕහ්…ඇන්ඩ් හැපි බර්ත් ඩේ..ස්වීටී….”

නංගිට ඇහෙන නෑහෙන ගානට ඒකා කියද්දි මගේ තරහ තවත් වැඩි උනත් හුස්මක් පිටකරලා බොරු හිනාවක් කට කොනකට ගත්තා.

” තැන්ක්ස් ශේන්….”

” ශේන්….අපි අක්කිවත් එක්කන් අද කොහේ හරි යමුද…අයි මීන් අපි රෙස්ටූරන්ට් එකක අක්කිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරමු..”

” දැට්ස් ගුඩ් අයිඩියා ඩාලීන්…ඕකේ…ප්‍රාතී ගෙට් රෙඩී…”

හහ්.මේකා ඉන්න අහලකවත් ඉන්න හිතෙන්නෑ මට..

” නංගී…සොරි….අයි කාන්ට්…”

” බට් වයි අක්කි…ප්ලීස්…ප්ලීස්…මන් වෙනුවෙන්…අනේ යමුකෝ…”

” මොකද මේ…”

” අම්මී…අක්කිට කියන්නකෝ….අපිත් එක්ක යමු කියලා…”

” ප්‍රාතී දුව..නංගී කියන එකේ යන්න එහෙනම්…”

” ඒත් අම්මා…මට අද ටිකක් සනීප මදී වගේ…”

” චූටී අක්කිට සනීප නැත්තන්..අක්කිට එන්න බෑනේ…ඔයා ශේන් එක්ක යන්න…”

” හ්ම්ම්…”

මුනත් බිමට හරවන් නංගී කියද්දි මට නංගී ගැන දුකක් නොහිතුනාමත් නෙවෙයි.ඒත් මට මේ පේන්න බැරි මිනිහත් එක්ක රෙස්ටූරන්ට් එකකට ගිහින් එකට ඉදගන්නවත් හිතෙන්නෑ..මට මතකයි මීට කලින් දවසක ගිහින්…

” අක්කා….මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්…”

” මාත් එන්නද…”

” නෝ…නෝ…අක්කී ශේන් එක්ක ඉන්න මට යන්න පුළුවන්…”

” හරි එහෙනම් ඉක්මනට එන්න…”

නංගී වොශ් රූම් එකට ගියාම මන් ශේන් එක්ක ටේබල් එකේ තනි උනා..එතකොටත් මට මේ මිනිහව එච්චර ඇල්ලුවේ නැහැ. ඒ නිසාම මන් අතේ තිබුන මොබයිල් එකට මුන ඔබන් හිටියා. එතකොටම මේසේ උඩ තිබුන මගේ අතකින් කවුරුහරි අල්ලනවා වගේ දැනුන නිසා මන් ගැස්සිලා ගියේ අතත් අහකට ගන්න ගමන්.

” වයි ඩාලීන්…යූ…ආ සෝ ප්‍රිටී ප්‍රාතී..නෙතූගේ අක්කා උනත් ඔයා නෙතූටත් වඩා ලස්සනයි පැටියෝ…”

අප්‍රසන්න එකෙත් හොදම එකෙන් මට ඒ මිනිහව එවෙලම තවත් එපා උනා හිතේ ටිකක් හරි තිබුන පැහැදීමත් නැත්තටම නැති උනා..මගේ වෙලාවේ හොද කමකට ඒ වෙලාවෙම නංගි එතනට ආවා..නංගිට කියන්න හිතුනේ නැහැ.කිව්වවත් සමහරවිට මන් වැරදි වෙයි කියලා හිතුනා මොකද නංගි ශේන්ව එයාටත් වඩා විශ්වාසකරන් නෙ ඉන්නේ.

” ප්‍රාතී…දුව…අපි බ්‍රෙක්ෆස්ට් අරන් ඉමු…තාත්තිත් එයි අද ඉක්මනිම්ම..”

කන්න වගේ මන් දිහා බලන් හිටිය මිනිහටත් රවන් මන් අම්මත් එක්ක ටේබල් එකෙන් ඉදගත්තේ නංගිත් ශේන් එක්කම ඇවිත් ටේබල් එකෙන් ඉද ගද්දි..

මතුවට

අහංකාර පෙම දෙනගමන් මේකත් දෙන්නම් හැබැයි හැමදාම දෙන්න බැරි වෙයි දවසක් ඇර දවසක් හරි දෙන්නම් ♥

කමෙන්ට් කරන් යන්න ළමයිනේ….!

චමෝද්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *